මේ දවස්වල තරහ යනවා වැඩී ද ?

0
12


තරහව කියන්නෙ හරිම සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න හැඟීමක් කියල ඔබ දන්නවද? 

ඒ නිසා ඔබට තරහ හිතෙනව නම් ඒ ගැන කිසිසේත්ම කලබල විය යුතු නෑ. 

හැබැයි, ඔබේ තරහව එහෙමත් නැත්නම් කේන්තිය පාලනය කර ගැනීමට ඔබට නොහැකිනම් ගැටළුව ඇත්තෙ අන්න එතනයි. 

තරහව කළමණාකරණය පිළිබඳ විශේෂඥ සායනික මනෝවිද්‍යාඥ ඉසබෙල් ක්ලාක් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නෙ “ඔබට ඔබේ තරහව පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඔබේ තරහව පාලනය කර ගැනීමේ වගකීමක් සහ යුතුකමක් තියෙනව.”

ඔබේ තරහව සහ කේන්තිය නිසා නැවත පිළිසකර කර නොහැකි විදිහට ඔබෙන් අනෙක් පුද්ගලයන්ට වගේම ඔබෙන් ඔබටත් මානසිකව සහ ශාරීරිකව දැඩි හානි සිදුවෙනවා. 

හොඳින් සිතා බැලුවොත් ඔබේ තරහවට වැඩිපුරම භාජනය වෙන්නෙ ඔබේ දරුවන්, ඔබේ සහකරු හෝ සහකාරිය එහෙමත් නැත්නම් ඔබේ දෙමව්පියො වගේ ඔබට ඉතාම සමීපතම පුද්ගලයන්වයි.

ඒ නිසා පසුවට පසුතැවිලි නොවී ඔබේ තරහව පාලනය කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.

මුලින්ම අපි බලමු ඔබට කෝපය ඇතිවෙන බව ඔබටම හඳුනාගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියල. 

හෘද ස්පන්දන වේගය වැඩිවීම

ඉක්මණින් හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම

උරහිස් වලට ආතතියක් / බරක් / තදවීමක් දැනීම

දහඩිය දැමීම හෝ 

අත්ල මිට මෙළවීම

යම් ගැටළුකාරී තත්වයකදී මේ ලක්ෂණ අත්විඳින්න ඔබට සිදුවුනොත් ඒ පාලනය කිරීමට අසීරු කෝපයේ හෝ තරහවේ ආරම්භය වෙන්න පුළුවන්. 

ඒ නිසා හැකි ඉක්මණින් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම ඉතාම වැදගත්. 

දැන් අපි බලමු කෝපය එහෙමත් නැත්නම් තරහව පාලනය කරගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්ෂණික ක්‍රියාමාර්ග මොනවද කියල.

01 සිට 10 ට ගණන් කිරීම ඔබේ සිතට අස්වැසිල්ලක් ලබා ගැනීමට අවශ්‍ය කාලය ලබාදෙනව. 

ඒ වගේම පැහැදිලිව සිතා බැලීමටත්, කෙනෙක්ට පහර දෙන්න හෝ බඩුවක් කඩල බිඳල දාන්න ඇතිවෙන සිතුවිලි මර්දනය කරන්නත් අවශ්‍ය කාලය ලබාදීම මේ ඔස්සේ සිදුකර ගන්න පුළුවන්. 

පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ කේන්තියෙන් සිටින පුද්ගලයෙක් හුස්ම ගන්නවාට වඩා වේගයෙන් හුස්ම පිටකරන බවයි.

ඒ නිසා ඔබ කේන්තියෙන් සිටින බව ඔබට හැඟුණු වහාම හැකිතරම් සෙමින් හුස්ම පිටකරන්න ඔබ කටයුතු කරන්න ඕන.

පැහැදිලිව හිතන්න වගේම කෝපය මර්දනය කරන්න මේ පියවරත් හරිම වැදගත් වගේම ප්‍රතිඵලදායක බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නෙ. 

අපි ඒ කතා කරේ කෝපය ඇතිවුනාම කෝපය පාලනය කරන්න අපිට ගන්න පුළුවන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනනෙ.

දැන් අපි කතා කරමු දීර්ඝකාලීනව ක්ෂණික කෝපය ඇතිවීම වළක්ව ගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල. 

ව්‍යායාම කිරීම සහ සැහැල්ලුවෙන් සිටීම කෝපය පාලනයට ඉතාම හොඳ ක්‍රමයක් බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, යෝග අභ්‍යාස සහ විවිධ භාවනා ක්‍රම වගේ සරල ක්‍රියාකාරකම් කරන්න ඔබේ දවසෙන් කෙටි වෙලාවක් වෙන්කරගන්න ඔබට පුළුවන් නම් එය ඉතාම වැදගත්. 

සැහැල්ලුවෙන් සහ විවේකීව ගත කරන්න ඔබේ දවසෙන් කෙටි වෙලාවක් හෝ වෙන්කර ගැනීම අත්‍යාවශ්‍යයි. 

විශේෂයෙන්ම ඔබට සුව නින්දක් ලැබීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා. 

මානසික පීඩනය, ආතතිය වගේම මත්ද්‍රව්‍ය සහ දුම් පානයත් ඉතාම සාමාන්‍ය ගැටළුකාරී අවස්ථාවක් ගැටුමක් බවට පත්කරන්න වගේම ක්ෂණික සහ පාලනය කළ නොහැකි කෝපය ඇතිවීමට වැඩි බලපෑමක් කරන බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

විනෝදාංශයක හෝ ඔබේ හිතේ සැහැල්ලුව ඇතිකරන්න අවශ්‍ය යම් ක්‍රියාවක නිරත වෙන්න ඔබට පුළුවන්.

ලියන්න, කියවන්න, චිත්‍රයක් අඳින්න, සංගීතය රසවිඳින්න, ගායනා කරන්න, වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න හෝ සුරතෙලෙක් සමඟ සෙල්ලම් කරන්න එහෙමත් නැත්නම් ඇවිදින්න යන්න වගේ සරල ක්‍රියාකාරකම් ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇතිකරන්න වගේම ඔබට කෝපය ඇතිවෙන දේවල් වලින් ඔබව මුදවා ගන්නත් ඉවසීම පුරුදු කරන්නත් ඔබට උපකාරී වෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here