කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනුණු අතර මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලව නම් කිරීමටද අධිකරණය අවසර දී ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ප්‍රකාශ කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media