පාතාල කල්ලි නායක කෙල්බද්දර පද්මේ සඟවා තැබු ආයුධ තොගයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල අසලින් සොයාගැනිමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු බවට චෝදනා එල්ලවන කෙල්බද්දර පද්මේ නමැති පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ සඟවා තිබූ අවි ආයුධ තොගයක්ද සොයාගෙන ඇත.
එලෙස සොයාගත් භාණ්ඩ අතරට පිස්තෝල අවියක්, ගල්කටස් අවියක්, ටී56 මැගසින් තුනක්, ටී 56 උණ්ඩ පන්සියයකට අධික සංඛ්‍යාවක්, යුධ හමුදා නිලඇඳුම් කට්ටල දෙකක් සහ මාංචු කුට්ටමක් වන බවද පැවැසේ.
Saru FM Media