රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කරන සාකච්ඡා අරඹන බව ට්‍රම්ප් කියයි

0
3


රුසියානු සහ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා වහාම සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ පැය දෙකක දීර්ඝ දුරකථන ඇමතුමකින් පසු සිය “තෘත්” සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින්.

රුසියානු ජනාධිපතිවරයා සමඟ කළ සංවාදය ඉතා හොඳින් සිදු වූ බවත් එම සාකච්ඡා යුද්ධයේ අවසානය කරා යන වැදගත් පියවරක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. 

රුසියාව සහ යුක්‍රේනය අතර සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා තමාට ස්තූතිය පළ කළ බවත් යුක්‍රේනය සමඟ කටයුතු කිරීමට රුසියානු ජනාධිපතිවරයා සූදානම් බව සදහන් කළ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

කෙසේ වෙතත් සාම සාකච්ඡා සිදුකරන දිනයක් හෝ සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිවක් සඳහනක් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 
 

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත් වූ දුරකථන ඇමතුමෙන් පසු නැවත වරක් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි සහ යුරෝපීය කොමිසමේ ප්‍රධානීන් අතර දුරකථන මාර්ග ඔස්සේ සාකච්ඡාවක් පැවැත් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහිදී රුසියාව සහ යුක්රේනය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා “වහාම ආරම්භ වන” බව ඔවුන්ට දන්වා තිබෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here