ඩයබිටීස් තියෙන ඔබට බය නැතුව කන්න පුළුවන් කෙටි කෑම වර්ග 04 ක් 

0
13


ප්‍රධාන ආහාර වේල් අතරතුර අපිට දැනෙන පොඩි බඩගින්නට බොහෝ විට අපි කන්න පුරුදු වෙලා තියන්නෙ සීනි එහෙමත් නැත්නම් පිෂ්ඨය තියෙන කෙටි ආහාර වර්ගනේ. 

මේ ආහාර අපි කාගෙ වුනත් ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න එතරම් සුදුසු නොවෙන බව smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ දැනුවත් කියල අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසාමයි ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න උදව් වෙන කෙටි ආහාර රාශියක් ඇතුළත් අපේ ලිපි බොහොමයක අන්තර්ගත වෙලා තියන්නෙත්. 

ඉතිං, ඒ වගේම වැදගත් ලිපියක් අරන් තමයි ඔන්න අපි අදත් ඔබත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන්නෙ.

අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඩයබිටීස් එහෙමත් නැත්නම් දියවැඩියාව තියෙන ඔබට බය නැතුව කන්න පුළුවන් කෙටි ආහාර වර්ග 04 ක් ලේසියෙන්ම හදාගන්නෙ කොහොමද කියලයි. 

එහෙනම් බලමු මේ ආහාර මොනවද? ඒව පිළියෙල කරගන්නෙ කොහොමද කියල?

බැඳපු කඩල

අවශ්‍ය ද්‍රව්‍ය 

රැයක් පෙඟෙන්නට තැබූ කඩල කෝප්ප 01 ක් 

ලුණු කුඩු ස්වල්පයක් 

තෙල් මේස හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, කඩල වලින් වතුර පෙරා ඉවත් කරගෙන වතුර බේරාගත් කඩල වියළි තුවායක් හෝ රෙදි කැබැල්ලක් මතට දමා හොඳින් වතුර ඉවත් කරගන්න. 

ඊළඟට, බේකින් තැටියක් මතට තෙල් කඩදාසියක් අතුරා ඒ මතට වතුර ඉවත් කරගත් කඩල, තෙල් සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගෙන සෙන්ටිග්‍රේට් අංශක 210 පමණ උෂ්ණත්වයේ විනාඩි 30 – 45 ක් පමණ කර කර රසට හැපෙන තුරු හොඳින් බේක් කරගන්න. 

ඔබට කැමති නම් ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නත් පුළුවන්. 

චොකලට් දවටන ලද කජු 

අවශ්‍ය ද්‍රව්‍ය 

රෝස්ට් කරගත් කජු කොප්ප 01 ක් 

කුඩාවට කපාගත් ඩාක් චොකලට් (dark chocolate) 150g ක් 

මේ සඳහා ඩාක් චොකලට් භාවිතා කිරීම අනිවාර්‍ය වේ. 

ලුණු කුඩු ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය 

බේකින් තැටියක් (හෝ මෆින් තැටියක්) ගෙන ඒ මත තෙල් කඩදාසියක් අතුරා, කජු මඳ 04 බැගින් එක ගොඩකට ගසා ගෙන ඈතින් ඈතින් අතුරා ගන්න. 

මෆින් තැටියක නම්, එක් එක් කෝප්පයකට දමා ගන්න පුළුවන්. 

වතුර භාජනයක් ලිප තබා එය නටන තුරු රත් කරගෙන වතුර නටන විට ඩාක් චොකලට් දමා ගත් වීදුරු භාජනය උණු වතුර භාජනයේ උඩින් තබා ඩබල් බොයිල් ක්‍රමයට චොකලට් ටික දිය කරගන්න. 

ඊළඟට, කජු මඳ උඩින් දිය කරගත් චොකලට් තේ හැන්ඳ බැඟින් දමා ඊට උඩින් ලුණු කුඩු බිඳක් ඉසගන්න. 

දැන් කජු මඳ ඇතිරූ බේකින් තැටිය ශීතකරනයට දමා විනාඩි 30 ක් පමණ තබාගෙන ඉවතට ගෙන ශීතල ඉවත්වූ පසු රසවිඳින්න පුළුවන්. 

පොප්කෝන් 

අවශ්‍ය ද්‍රව්‍ය 

වියළි බඬ ඉරිඟු ඇට කෝප්ප 01 ක් 

ලුණු කුඩු ස්වල්පයක් 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here