හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළා.
දින 61ක් විවෘත වරෙන්තු ද සහිතව සැඟව සිට අධිකරණයට භාරවීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කෙරුණා.
කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය (07) වැනිදා පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවුණා.
ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකයි.
අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද තවදුරටත් ලබන 26 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
මේ වන විට මාස දෙකකට අධික කාලයක් මර්වින් සිල්වා ඇතුළු පස් දෙනකු රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
Saru FM Media