චීනයට එරෙහිව තායිවානය හමුදාව පෙළ ගස්වයි

0
5


තායිවාන ජනාධිපති විලියම් ලායි විසින් එරට සන්නද්ධ හමුදාවන්ට සිය සහයෝගය සහ දිරිගැන්වීම ලබා දී තිබේ.

ඒ මේ මස අග සිට තායිවානය ආසන්නයේ චීන හමුදා අභ්‍යාස තීව්‍ර විය හැකි බවට පළවන වාර්තා මධ්‍යයේයි.

ඉකුත් දා තායිවාන ජනාධිපති විලියම් ලායි එරට දක්ෂිණ නගරයේ Kaohsiung හි කඳවුරුවල හමුදා ඉංජිනේරුවන් සහ සබ්මැරීන් විරෝධී හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය වෙත හමුවිය.

හමුදා ඉංජිනේරුවන් සහ නාවික හමුදාවේ සබ්මැරීන විරෝධී ගුවන් විධානය යන දෙකම “රටේ සන්නද්ධ හමුදාවන්ගේ හමුදා ශක්තියේ මුල්ගල ලෙස සැලකේ.

Kaohsiung හි Zuoying නාවික හමුදා කඳවුරේ දිවා භෝජන සංග්‍රහයේදී හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලයක් අමතමින් විලියම් ලායි පැවසුවේ එම කාර්යය මණ්ඩලය තායිවානයේ ජාතික ආරක්ෂක උපාය මාර්ගයට අත්‍යවශ්‍ය බවයි.

“ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම නිසා පමණක් හමුදාව අඛණ්ඩව සමෘද්ධිමත් වන අතර රටේ ජනතාවට සාමයෙන් හා සතුටින් ජීවත් වීමට හා වැඩ කිරීමට හැකි වේ,” ඔහු තවදුරටත් පැවසීය. 

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජාතික ආරක්ෂාව සුරැකීමට එක්ව කටයුතු කරමු යන්නයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here