රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :
පසුගිය දා සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශන වල ප්‍රගතිය ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළ බව වාර්තා වේ.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළ බව පැවසේ.
Saru FM Media