ඉන්දියාව ලකුණු 41ක ජයක් සමග අවසාන මහා තරගයට

0
6

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක ඉන්දීය – බංග්ලාදේශ තරගය නිමාවට පත්වූයේ ඉන්දියාවට ලකුණු 41ක ජයක් අත්කර දෙමින්ය.

ඒ අනුව ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී. ඒ අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයයි.

බංග්ලාදේශය සහ ඉන්දියාව සමග පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටයි.

ඒ අනුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉනිම අරඹන්නේ බංග්ලාදේශයට පහර පිට පහර දෙමිනි. කෙසේ වෙතත් බොහෝ දෙනා සිතුවේ ලකුණු 200 සීමාවට ඉන්දීය කණ්ඩායම ළඟා වනු ඇතැයි කියාය.

නමුත් අවසාන තරගයේ ඉන්දියා කඩුලු බිඳ වැටීම ඉහළ යෑම නිසා ඉන්දියාවට ලබාගත හැකි වූයේ පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් පමණි. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අභිෂේක් ෂර්මා ලකුණු 75යි.

ලකුණු 169ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 19 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127ක් පමණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 41ක ජයග්‍රහණයක් හිමිවිය. සුපිරි හතර දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාවට මේ වනතුරු හිමිව තිබූ තරග දෙකම පරාජය වෙද්දි ආසියානු කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලබාගැනීමේ වාර්තාව ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හිමිකර ගැනීමට සමත් වී තිබේ.

මේ වනවිට වනිඳු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 15කි.

ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී ඇති අතර නමුත් ඉන්දියාව සමග සුපිරි වටයේ ශ්‍රී ලංකාවට හිමි අවසන් තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විස්සයි විස්ස තරග 31කට මුහුණ දී ඇති අතර එයින් තරග 21ක ජය ඉන්දියාව සතු කරගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක ජය පමණයි. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

සුසිල් ජයකොඩි – එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි අගනගරයේ සිට

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here