විදුලි බිල 18%කින් වැඩි කළ යුතුද?

0
5


විදුලිබල මණ්ඩලය 18.3%ක විදුලි බිල ඉහළ දැමීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ ද ගණනය කිරීම්වලට අනුව එය නිවැරදි නොවන බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා. 

බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා සඳහන් කළේ විදුලි බිල 10.12%ක් ලෙස වැඩි කළ යුතු බවයි.

Neth Sound · RALAPANAWA 01

විදුලිබල මණ්ඩලය තුළ ලාභ සහ අලාභයන් නිවැරදි පරිදි ගණනය කිරීම් සිදු නොවන බවද බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා මෙහිදී පෙන්වා දුන්නා.

Neth Sound · RALAPANAWA 02

මේ අතර විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන සිව්වන වාරිකය ප්‍රමාද කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් පාරිභොගිකයින්ට සහ නිෂ්පාදකයින්ට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ මෙලෙසයි.

Neth Sound · PROF WASANTHA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here