නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් අද (19) දිනයේ මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන අද (19) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එම විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකියි.
මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Saru FM Media