මහකළුගොල්ල පොලිස් වසමේ පොතුවිල් පාර 19 කණුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සිව් දරු පියකුට ඔහුගේ බිරිඳ විසින් 23 වැනිදා පොරවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා ඇත. ඔහු දැන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
පොරව පහර හිසට සහ කොන්ද ප්‍රදේශයට එල්ල කර ඇත.
ඊට පෙර දින රාත්‍රී නවයට පමණ සැමියා නිවසට පැමිණ ඇති අතර පසු දින පාන්දර හයයි තිහට පමණ මෙම පහරදීම සිදුකර තිබේ. සිය සැමියා වෙනත් කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සැමියා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර තිබේ. දැනට ඔහු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
හතළිස් හැවිරිදි සැකකාරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මහකළුගොල්ල පොලිස් ස්ථානාධිපති බුද්ධික විදානගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක
Saru FM Media