
නාරහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ඔලුව මහතා ඉලක්ක කරගනිමින් සිදු කරන ලදැයි කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇතැයි අද වාර්තා විය.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මැයි 17 වන දින රාත්‍රියේ නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේදී ය. තුසිත හල්ඔලුව මහතා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ලැබී ඇති තොරතුරු අනුව, යතුරුපැදියෙන් පැමිණි ප්‍රහාරකයින් මුලින් අහසට වෙඩි තබා ඇති අතර, පසුව මෝටර් රථය නතර කළ පසු එහි ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා තිබේ. මෙම අවස්ථාවේදී මෝටර් රථය තුළ තුසිත හල්ඔලුව මහතාගේ නීතිඥවරයා සහ රියදුරු ද සිට ඇත.
වාර්තා වන අන්දමට ප්‍රහාරකයින් විසින් තුසිත හල්ඔලුව මහතාට සහ ඔහුගේ නීතිඥවරයාට පහරදීමක් ද සිදු කර ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තවද, වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයින් තුසිත හල්ඔලුව මහතාගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළා ගොස් ඇති බව තහවුරු කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුලින්ම ප්‍රශ්න කර තිබුණි. දෙවනුව සිදුවන්නේ තමා වරදට හසුකර ඇති කෝපය සමග හල්ලොලුව මහතා සීඅයිඩීයේ සිට එළියට බැස මාධ්‍ය අමතා ජනපතිට එරෙහිව විශාල වංචා චෝදනාවක් සිදුකිරීමය. ග්‍රීක බැඳුම්කර වල ජනපති ආයෝජනය කර ඇති බවත් තමාට ඒ සම්බන්ධ සාක්ෂි ඇති බවත් ඔහු කියයි. මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ ගෝලයෙකුද වන හල්ලොලුව මහතා කාලයක් තිස්සේ විවිධ දේශපාලකයින් සමග වැඩකර ඇති අයෙකි. ඔහු මෙම ප්‍රකාශය සිදුකිරීම බරපතල කාරණයක් වූයේ ඒනිසාය.
ඔහුගේ ප්‍රකාශය ගැන ජනපතිවරයාට සම්බන්ධ නීතීඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ පසු හල්ලොලුව නැවත සීඅයිඩීයට කැඳවීම් ලැබෙන්නේය. මැයි 15 වන දින තුසිත හල්ඔලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ද ලබා දී තිබේ.
ජනපතිට එරෙහිව ඇති චෝදනාවට අදාළව ඔහු සතු සාක්ෂි ඉදිරිපත් කරන ලෙස එහිදී දන්වා තිබුණි.
අහසට වෙඩි තබා ලිපි ගොනු පැහැරගැනීමක් ගැන වාර්තාවන්නේ මෙයින් දින 3 කට පසුය.
තමාගේ සාක්ෂි පැහැරගත්තාය කියා දැන් ඔහු කියාවිද? නොදනී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරමින් පවතී.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ හා ලිපිගොනු පැහැරගැනීමේ සිද්ධි හුදෙක් ඔහු විසින් නිර්මාණය කළ පිටපතකට අනුව සිදු කළ රංගනයක් බවට සමාජ මාධ්‍ය තුළ විවේචන සිදුවෙමින් පවතී.
පහත පළවන්නේ එවැනි කොමෙන්ටු කිහිපයකි.

Saru FM Media