රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි

0
6

අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති, නීල් ඉද්දවෙල මහතා පවසයි. 

කොළඹදී අද (25) පැවති දේශනයකදී ඔහු මේ අදහස් පලකළේය.

ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබුණේ ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහය සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල මහතා, 

“2024 වර්ෂයේදී අපි ජාතික, දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු ආයතන 10ක් විතර මම කියන්නම්. නොම්බර 1 පොලීසිය 2 දේශපාලනය 3 රේගුව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, පාසල්, අමාත්‍යාංශ. ඒ වගේම ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාල. මහජනතාවගේ මතය කෙසේ වෙතත් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5ක් අපි හඳුනාගෙන තිබුණා. රේගුව, දෙවැනි ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආයතන දෙපාර්තමේන්තුව. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. ඒ වගේම ආගමන හ විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාල. ඒ වගේම සමහර ආයතන තියෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. මේ වගේ ආයතන තුළින් දූෂණයට වඩා, දූෂණය සිදුකරනවා. ඒවා තුළින් දූෂණය කරන පුද්ගලයින්ට තෝතැන්නක් හදලා දෙනවා මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩහස ලබාදෙනවා. එතකොට මම අර කියපු සමීක්ෂණයේදී දූෂිත සංස්කෘතියක් සඳහා ඉවහල්වන කරුණු ලෙස මහජනතාව දැක්වූයේ මෙන්න මේ කාරණා. එක තමයි නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම. දූෂිත සංස්කෘතියක් රට තුළ ජනිත වීම. ඒ වගේම අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම. එතනදි අපට කියන්න බැහැ එයා කැමැත්තෙන් ඉල්ලුවා, මම කැමැත්තෙන් දුන්නා. ඒක හින්දා මේක, අල්ලසක් හෝ දූෂණයක් නෙවෙයි කියලා.”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here