හිටපු ජනාධිපතිවරුන්ගෙන් රණවිරුවන්ට පුෂ්පෝපහාරයක්

0
5


යුධ ජයග්‍රහණය සඳහා දිවිදුන් රණවිරුවන්ට උපහාර දැක්වීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් මැයි 20 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල ඇති රණවිරු ස්මාරකය අබියසදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවීමෙන් තවත් පක්ෂවල ද දායකත්වයෙන් මෙම පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන සිදුකෙරෙන අතර ඊයේ (17) කොළඹදී පැවති පොහොට්ටුවේ විධායක සභා රැස්වීමේදී මේ පිළිබඳව තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් මේ සඳහා සහභාගී වීමට නියමිත බවත් රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන හිටපු ජනාධිපතිවරුන්ට ද මේ සඳහා ආරාධනා කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here