තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි

0
4


ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුව තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ මොටර් රථය හරස් කොට එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. 

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ එම මෝටර් රථයේ තුසිත හල්ලොලුව මහතා, ඔහුගේ නීතිඥවරයා සහ තවත් පුද්ගලයෙකු ගමන් කර තිබෙනවා. 

අදාළ වෙඩි තැබීමෙන් රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී ඇති අතර තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ලොලුව මහතාට පහරදීමක්ද සිදුකර ඇති බවයි. 

වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ පෞද්ගලික ලිපිගොනු කිහිපයක්ද වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

වෙඩි තැබූ පුද්ගලයන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here