ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.Sri Lanka Latest News
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් තවදුරටත් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබදව ප්‍රායෝගික දැනුම්වත් කිරීමට මෙම විශේෂ පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී රාජ්‍ය සේවකයා සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ එම සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.
මීට අමතරව පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයැදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන ඉදිරිපත් කිරීම, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු පරිගණක පද්ධතිය සමඟ පරීක්ෂා කිරීම, අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය සහ පරිගණක පද්ධතිය තුළ කටයුතු කිරීමේදී විෂය භාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ප්‍රායෝගික සහ න්‍යායත්මක පුහුණුවක්ද ලබා දෙනු ලැබීය.
ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේය.
එසේම මෙම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.
ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල් අසරණ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනාධිපති අරමුදලේ පරිගණක පද්ධතිය වෙත රෝගීන් විසින් අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් පද්ධතිගත කර ඇති බවත්, ඉන් 40%ක පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු වී ඇති අයැදුම්පත්‍ර බවත් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.
- 02.07 වැනි දින ආරම්භ වූ ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීම යටතේ මේ වන විට ලැබෙමින් තිබෙන අයැදුම්පත්වලින් 80%ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන බවත් රෝෂන් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වැඩමුළුවට එක්ව සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් සහ නිලධාරිනියන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී. එච්. කොළඹගේ, පී. ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ඒ. එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
























ජනාධිපති මාධ්‍ය අංශය
2025.05.17
Saru FM Media