තාත්තා වගේම පුතා සජිතුත් පොඩි මිනිස්සුන්ගේ දෙපතුල ළගට ගිහින් ප්‍රශ්න ගැන හොයා බලයි! මේ තාත්තා හදපු ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
5


පසුගිය මැතිවරණ සමයේ විදුලි බිල අඩු කරන බවට වත්මන් රජය පොරොන්දු රැසක් දුන් බවත් රු.900-0 බිල රු.6000 දක්වාත් රු.3000 බිල රු.2000 දක්වාත් 33%කින් විදුලි බිල අඩු කරන බවට පැවසු බවත් IMFගිවිසුම සංශෝධනය කරනවා කිව්වත් අද වන විට වත්මන් රජය ද පැවැති රජය ක්‍රියාත්මක කළ IMF ගිවිසුම කිසිදු වෙනස්කමකින් තොරව එම ගිවිසුම ක්‍රියාත්මක කරන බවත් IMF කොන්දේසිවලට වත්මන් රජය ද යට වී විදුලි බිල 25-35% අතර ප්‍රමාණයකින් වැඩි කිරිමට යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ දෙවැනි වැඩසටහන ලෙස මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති ‘උල්ලල මාස්මුල්ල’ උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දීය.

මේ රජය බොරු ගණනාවක් ඉදිරිපත් කර බොරුවෙන් ජයග්‍රහණය කර බොරුව මත පදනම්ව කටයුතු කරමින් පොරොන්දු කඩ කරමින් සිටින බවත් මේ රජය ජනතාව අතරමං කිරිමට කටයුතු කරන බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව නිහඩව සිටිනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පොරොන්දු වූ දේ ඉටු කරන්නේ නැතිනම් ජනතාව ගන්නා තීන්දුව කුමක්ද කියා ප්‍රශ්න කරන බවත් මේ වන විට අප රටේ ඇත්තේ IMF එකේ පදයට නටන රජයක් බවත් සමගි ජන බලවේගය IMF කොන්දේසි වෙනස් කර නව ගිවිසුමකට යන බව පවසන විට රටෙ බහුතරයක් වත්මන් රජය විශ්වාස කර ඡන්දය ලබා දී දැන් අසරණ වී ඇති බවත් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රටේ ජනතාව අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රජයට විදුලි බිල වැඩි කළ නොහැකි බවත් ඔවුන් 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනතාවට පොරොන්දු වී ඇති බවත් මේ රජය බලයට පැමිණ පසු IMF එකත් සමග සාකච්ඡා නොකර ජනතාව මංමුලා කර ජනතාව අන්දවා ඇති බවත් බොරුවෙන් පචයෙන් ජනතාව අනාථ කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ නව ගමනක් සදහා සමගි ජන බලවේගයට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තෙල් මිල අඩු කරනවා කියා බොරු කළා

ජනාධිපතිවරණ වේදිකාවේ තෙල් මිල අඩු කරන බව පැවසූ බවත් වරායේ ගොඩබාන මිලටම තෙල් මිල දෙනවා කිව්වත් අද වරායේ ගොඩබාන මිලට නම් තෙල් නොලැබෙන බවත් දූෂණ වංචා නැති කර තෙල් මිල අඩු කරනවා කිව්වත් අද තෙල් මිල අඩු කරන්න නොහැකිව රජය තෙල් මිල සූත්‍රයේ වහලකු වි ඇති බවත් මොවුන් තෙල් මිල අඩු කරනවා කියා ද ජනතාව රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ හරිහමන් සංවර්ධන ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක වෙනවාද?

අද රටේ හරිහමන් සංවර්ධන ව්‍යාපෘතියක් වත්මන් රජය යටතේ සිදු නොවන බවත් එම නිසා මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් නව ගමනකට මනුෂ්‍යත්වයට මුල්තැන දෙන මානුෂීය ලෙස ජනතාව මුහුන දෙන ගැටලුවලට විසඳුම් සපයන නව ගමනකට සමගි ජන බලවේගය හා එක්වන ලෙස ඉල්ලා සිටින බවත් ජනතාවාදී ජනතා කේන්ද්‍රීය ගමනක් කරා යාමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ලෙස තමා සහ තම සංවිධායකවරු ජනතාවට ඇහුම්කම් දී ජනතා ගැටලු අවබෝධ කර ගෙන සීමා සහිත බලය තුළ ජනතාවට සේවාවක් සහ විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here