හරියට අත් සෝදන්නේ කොහොමද?

0
11


කොරෝනා වෛරසය නිසා රටම ඉන්නේ කැළඹීමෙන්. මුහුණු ආවරණ හිඟ වීම නිසා බියට පත් වෙලා ඉන්න ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයෙන් ලබා දීලා තියන පණිවිඩය තමයි “කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න වඩාත් ම වැදගත් වෙන්නේ මුහුණු ආවරණ පැළඳීම නොව දෑත් පිරිසිදු ව තියා ගැනීම” කියන දේ.

නිවැරදිව දෑත් සේදීම ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ අන්න ඒ නිසා.

1. අත් හොඳින් වතුරෙන් තෙමා ගන්න.
2. අත්ලේ හොඳින් සබන් ගාන්න.
3. අත්ල හා ඇඟිලිකරු අනෙක් අතේ අත්ල හා ඇඟිලිකරු අතර හොඳින් අතුල්ලන්න.
4. අත මොලවා පිට අල්ල අනික් අත්ලේ අතුල්ලන්න.
5. මාපට ඇඟිල්ල අනිත් අතින් හොඳින් අතුල්ලන්න.
6. ඇඟිලි තුඩු හා නියපොතු අනිත් අත්ලේ සබන් පෙණ මත අතුල්ලන්න.
7. පිරිසිදු වතුරෙන් සබන් සේදී යන තුරු හෝදන්න.
8. පිරිසිදු රෙදි කඩකින් අත් පිසදා ගන්න.

අත නිවැරදි ව සෝදා ගන්න ක්‍රමය මෙන්න මේක. ඒ වගේම මේ දවස්වල නිතරම අත් සෝදා ගන්න අමතක කරන්න එපා. විෂබීජ නාශක දියරයක් හෝ hand sanitizer එකක් ඔබේ අත්බෑගයේ තබා ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here