කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතබා පළා ගිය සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවුසවේ.
කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් අසල රැදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 70ක් වන කාන්තාවක්.
තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවන් වන “පූකුඩු කන්නා” සහ “පලනි චිරාන්” යන පාර්ශව දෙක අතර කලක සිට පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව පලනි චිරාන්ගේ පාර්ශවයෙන් එම වෙඩි තැබිම සිදු කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.
Saru FM Media