මහින්දානන්ද වහාම අත්තඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි – ඔහුගේ බිරිඳගෙන් රනිල්ට දුරකතන ඇමතුමක්!

0
4


හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වහාම අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර ඇති අතර, රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇතිදැයි විචාරකයින් ප්‍රශ්න කරති.

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක අත්තඩංගුවට ගත් පසු රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවක් පවත්වා චාමර සම්පත් වැරැද්දක් කර නැතැයි ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහගේ එම ප්‍රකාශය පිළිබඳව අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ පිළිතුරු ලෙස කියා තිබෙන්නේ චාමර සම්පත් දසනායකගේ බිරිඳ තමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බව ය.

අසූචි අපද්‍රව්‍ය කාබනික පොහොර යනුවෙන් හඳුන්වමින් මෙරටට ගෙන්වා රුපියල් කෝටි 130කට අධික මහජන මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. එහි පියවරක් ලෙස ඔහුව අත්තඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇත. චාමර සම්පත් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ ආකාරයට ම මහින්දානන්ද වෙනුවෙන් ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇති දැයි බොහෝ දේශපාලන විචාරකයෝ උපහාසයෙන් යුතුව විමසා තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here