අනුරාධපුර තලාව අනතුරෙන් 04ක් මරුට

0
8

අනුරාධපුර – පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ ප්‍රදේශයේ දී අද (25) අළුයම් කාලයේ දී කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කළ වෑන් රථයක් සහ මුලතිව් සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මූහණට මූහුණ ගැටිමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් වෑන් රථෙය් ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් මරුමුවට පත්ව ඇත. අද (25) අළුයම 4.40 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මේ පිළිබදව විමර්ශන පවත්වන තලාව පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථෙය් ගමන් ගත් පුද්ගලයින් හය දෙනෙක් ගමන් කොට ඇති බව පොලිස් විමර්ශනවලිදී අනාවරණය වී ඇත.
ඉන් තිදෙනෙක් අනතුර සිදුවු ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.ඉන් තුවාල ලැබූ අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here