SVAT ක්‍රමය අහෝසිය ප්‍රමාද නොකළොත් අපනයන කර්මාන්තයට බරපතල අනතුරක් – අපනයන කර්මාන්තකරුවෝ රජයට කියති

0
10

ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු අයකිරීමේදී සිදු කළ  ආකාරයට වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණය
නිසිලෙස ක්‍රියාකාරී වන තුරු සරල කරන ලද බදු ක්‍රමය (SVAT ක්‍රමය) අහෝසි කිරීම ප්‍රමාද කිරීමට හෝ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම වඩාත් ඒකාබද්ධ ඇගලුම් සංගම්සං සදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා අද (25) උදේ පැවසීය.

මේ වසරේ (2025) ඔක්තෝබර් 01 වන දින සිට SVAT ක්‍රමය අහෝසි කිරිමත් සමගම වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු දින 45ක් ලෙස නීතියේ සඳහන් වන කාලසීමාවට පෙර වැට් බදු ප්‍රතිපූර්ණයට අදාල යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එකගතාව ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව පෙරහුරුවක් සිදුනොවූ බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රය සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමගම රුපියල් බිලියන 12ක් මුදලක් වැට් බදු ලෙස ගෙවිමට සිදු වනු ඇත. අපනයනකරුවන් විසින් මෙසේ ගෙවනු ලබන වැට් බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුල ඔහුන්ට හිමි විය යුතුව ඇත. එබැවින් අනිසි ප්‍රමාදයකින් තොරව වැට් බදු ප්‍රතිපූර්ණය අපනයනකරුවන්ට හිමි වීම තුලින් දැඩි පීඩනයකින් තොරව මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමට අපනයනකරුවන්ට හැකි වන අතර
එක්සත් ජනපද බදු හා ගෝලීය මිල පහල යෑම හමුවේ මේ තත්වය වඩාත් තීරණාත්මක බව ද ඔහු කියා සිටියේය.

ඔහු ඇතුළු අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් නියෝජිතයෝ රැසක් අද (25) උදේ කොළඹ දී එකාද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here