අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු වෛද්‍යවරිය විසින් හඳුනා ගැනේ 

0
12


අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට හිංසන සිදුකළ සැකකරු එම වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගත්තා.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වුණේ.

එහිදී සැකකරු හඳුනාගැනීමට වෛද්‍යවරියට හැකිවුණා.

වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරිමේ සිද්ධියට අදාළ සැකකරු පැය 24ක් යාමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකිවුණා.

ඒ සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගැනුණේ.

 

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here