වෙන කසාදයක් බඳින්න හිතාගෙන පෙම්වතිය මරලා දැම්ම පෙම්වතෙක්

0
7


අද කියන කතාව එච්චර දුර ඈතකට විහිදිච්ච එකක් නම් නෙවෙයි. මේ කතාව ඇරඹෙන්නෙ 2024 අවුරුද්දෙ අගෝස්තු අට වෙනිදයින්.

කතාව ඇරඹෙන්නෙ මහාරාශ්ටෙ නාග්පුර් කියන ප්‍රදේශයේ ෆ්ලැට් එකකින්. මේ ෆ්ලැට් එකේ නතරවෙලා ඉන්නවා ගෑණු ළමයි දෙන්නෙක්. එක්කෙනෙක්ගෙ නම ජ්‍යෝත්සනා. එයාට අවුරුදු 31ක් වෙනවා. එයා තනිකඩයි. මෙයත් එක්ක කාමරේ අනිත් ඉන්න කෙනා තමයි ප්‍රියා. මේ දෙන්නා හොඳම යාලුවො.

දවසක් මෙහෙම ඉද්දි.දවසක් රෑ හත හමාරට විතර ජ්‍යෝත්සනා කාමරෙන් එලියට යන්න හදනවා කියන එක ප්‍රියා දකිනවා. යාලුවා හන්දම ප්‍රියා අහනවා “ඔය කොහෙද යන්නෙ?” කියලා. ඒ උනාට ඒ ප්‍රශ්නෙට නම් කිසිම උත්තරයක් දෙන්නෙ නැති ජ්‍යෝත්සනා ප්‍රියාට කියනවා “මම පොඩ්ඩක් එලියට යනවා, එන්න ටිකක් රෑ වෙයි. හැබැයි මං අනිවාර්‍යෙන්ම එනවා” කියලා.

මේ විදියට කියලා ජ්‍යෝත්සනා එලියට යනවා. ප්‍රියා කෑම කාලා ටීවී බල බල ඉද්දි එයාට හරිම නිදිමතක් එනවා. මේ වෙද්දි රෑ දහයමාරයි. තාම ජ්‍යෝත්සනා ඇවිල්ලා නැති නිසා ප්‍රියා ජ්‍යෝත්සනාට කෝල් එකක් දුන්නට එහා පැත්තෙන් ජ්‍යෝත්සනා කෝල් එක කට් කරනවා. එහෙම කරලා ජ්‍යෝත්සනා ප්‍රියාට මැසේජ් එකක් එවනවා “මම යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලනවා. මම අද රෑ එයාගෙ ගෙදර ඉන්නවා. ඔයා කෑම කාලා නිදාගන්න” කියලා. මේක ප්‍රියාට අමුත්තක් නොවෙන්නෙ මීට කලිනුත් ජ්‍යෝත්සනා එහෙම යාලුවන්ගෙ ගෙවල් වල නතරවෙලා ඉන්න හන්දා.

කොහොමහරි ප්‍රියා කෑම කාලා නිදාගන්න යනවා. ආයෙ එයා ඇහැරෙන්නෙ පස්සෙන්දා උදේ. ඒත් ඒ වෙද්දිත් ජ්‍යෝත්සනා ගෙදර ඇවිත් නෑ කියල දකින ප්‍රියා ආයෙ පාරක් එයාට කෝල් ගන්නෙ අද එයා වැඩට යන්නෙ නැද්ද කියලා අහන්න උනාට මේ පාර නම් ජ්‍යෝත්සනා ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙවත් මැසේජ් එකක් එවන්නෙවත් නෑ. එයා කෙලින්ම ඔෆිස් එකට යනවා ඇති කියලා හිතන ප්‍රියා තමන්ගෙ වැඩට පිටත් වෙනවා. ඒත් පැය තුනක් විතර තිස්සෙ ප්‍රියා ජ්‍යෝත්සනාට කෝල් කරන්න උත්සහ කරත් ජ්‍යෝත්සනා ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑ. මේ වෙද්දි තමයි ප්‍රියාට තේරෙන්නෙ මෙතන වෙන මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියන එක.

මේ නිසා ප්‍රියා ටක්ගාලා ජ්‍යෝත්සනාගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම කෝල් කරනවා. මේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් ඇත්තටම ජ්‍යෝත්සනාට මොකද උනේ කියන එක.

ඉතින් ඔයාලා හිතන්නෙ ඇත්තටම මොකක් වෙලා ඇති කියලද? ඒ ගැන දැනගන්න කතාව දිගටම කියවන්න කියලා ඔන්න මතක් කරන්න කැමතියි.

ප්‍රියා කිව්ව කතාව ඇහුවයින් පස්සෙ කලබල වෙන ජ්‍යෝත්සනා ගෙ අම්මල ටක්ගාලා නාග්පුර් පොලිසියට ඇවිල්ලා මේ ගැන කියනවා. හැබැයි අම්මලා කිව්ව පමණින් කලබල වෙන්නෙ නැති පොලිසිය ජ්‍යෝත්සනාගෙ ෆෝන් එකට කෝල් අරගෙන බලනවා. හැබැයි මේ පාරත් කෝල් එක රින්ග් උනාට කවුරුවත් ආන්ස්වර් කරන්නෙ නෑ. ජ්‍යෝත්සනාට පෙම්වතෙක් ඉන්න ඇති, ගෙදරින් එයාට අකමැති වෙන්න ඇති කියන සැකේ මුල් කරගෙන පොලිසිය වක්‍රාකාරව ජ්‍යෝත්සනාගෙ අම්මලගෙන් ඒ ගැනත් අහලා බලනවා. මොකද මෙහෙම එකපාර අතුරුදහන් වෙන්න ජ්‍යෝත්සනා කියන්නෙ පොඩි දරුවෙක් නෙවෙයි හන්දා.

ජ්‍යෝත්සනාගෙ අම්මලා එයාට පෙම්වතෙක් නැති බව කියනවත් එක්කම අපි දැනගෙන උන්නෙ නැති වෙන දෙයක් මෙතනදි එලිදරව් කරනවා. ඒ ත්මයි 2019දි ජ්‍යෝත්සනා කසාද බැන්ද බවත් ඒත් කසාදෙ ඇතුලෙ වෙච්ච ප්‍රශ්න හන්දා එයා පස්සෙ ඩිවෝස් උනා කියන එකත්.

මේ සිදුවීමෙන් පස්සෙ ජීවිතේ ගැන කලකිරිලා අම්මලට තවදුරටත් බරක් වෙන්නෙ නෑ කියල හිතල තමයි ජ්‍යෝත්සනා කා ශෝ රූම් එකක වැඩට යන්නෙ. අවුරුදු තිස් දෙකක් උනත් ජ්‍යෝත්සනාට ආයෙ කසාද බඳින්න කියල අම්මල කිව්වත් එයා ඒකට කැමති වෙලා නෑ මොකද එයාට පලවෙනි වතාවෙන්ම කසාද එපා වෙච්ච හන්දා. ජ්‍යෝත්සනා කොච්චර බෑ කිව්වත් අම්මලා එයාට විවාහ වෙන්න කියන එක නතර කරලා නෑ. ඒ නිසාම එයාලා මංගල දැන්වීම් සයිට් එකකත් ජ්‍යෝත්සනා ගැන විස්තර දානවා.

මේ ඔක්කොම දේවල් පොලිසියට කිව්වට පස්සෙ පොලිසියට තේරෙනවා ජ්‍යෝත්සනාට ඇත්තටම වෙන දෙයක් තමයි වෙලා තියෙන්නෙ කියල. ඒ අනුව ජ්‍යෝත්සනාගෙ ෆෝන් කෝල් රෙකෝඩින්ස් චෙක් කරලා තියෙනව. එතනදි ජ්‍යෝත්සනා අතුරුදහන් වෙච්ච දවසෙ අම්මයි තාත්තයි ප්‍රියයි ඇරෙන්න එයාට කෝල් කරලා තියෙනවා එක නම්බර් එකක්. ඒ නම්බර් එකෙන් ජ්‍යෝත්සනා උදේ වගෙම එයා ගෙයි පිටවෙන්න පොඩි වෙලාවකට කලිනුත් කෝල් එකක් ඇවිත් තියෙනව කියලා දැනගන්න පොලිසිය ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නවා.

ඒකෙන් කතාකරන්නෙ ගෑණු කෙනෙක්. හැබැයි ඒ කෙනා කියනවා “මේ නම්බර් එක අයිති මට නෙවෙයි මගෙ පුතා වෙන අජේට. එයාට වයස තිස් තුනක් වෙනවා. ඒ වගේම මේ වෙද්දි හයි බ්ලඩ් ප්‍රෙශර් තත්ත්වයක් හන්දා අජේ ඉන්නෙ හොස්පිටල් එකේ” කියලා. කොහොම උනත් පොලිසිය යනවා අජේව හම්බුවෙන්න මොකද එයාලා හිතනවා ජ්‍යෝත්සනා ගැන මොනාහරිම දෙයක් අජේ දන්නවා කියලා.

රෝහලට එන පොලිසිය අජේට කිව්වට පස්සෙ අජේ හරියට ශොක් වෙනවා. පස්සෙ අජේ කියනව එයා ජ්‍යෝත්සනාව දන්නෙ කොහොමද කියලා.

අජේ කියන්නෙ සාමාන්‍ය හමුදා සෙබලෙක්. මේ දෙන්න හම්බුවෙන්නෙ වෙඩින් එකකදි. දැන අඳුරගෙන කතාකරලා ටික කාලෙකින් මේ දෙන්නටම තේරෙනව මේ දෙන්නට දෙන්න කැමති කියලා. ඒත් අජේ දන්නවා ජ්‍යෝත්සනා කලින් බැඳපු කෙනෙක් නිසා අම්මලා කීයටවත් එයාට කැමතිවෙන්නෙ නෑ කියලා. අජේ මේකත් ජ්‍යෝත්සනාට කියනවා.

කොහොමහරි ඕන දෙයක් වෙද්දෙන් කියලා අජේ තමන්ගෙ දෙමව්පියන්ට මේක කිව්වට පස්සෙ ඒගොල්ලො රියැක්ට් කරන්නෙ ඇත්තටම අජේ හිතපු විදියටම තමයි. මේ සිද්දියෙන් පස්සෙ අජේ ඒක ජ්‍යෝත්සනාට කිව්වට පස්සෙ එයා අජේට කියනවා “ඒකට කමක් නෑ. අම්මලා කියන දේ වැරදි නෑ. අපි දෙන්නා ඉස්සරහටත් යාලුවො වගේ ඉමු” කියලා.

පොලිසිය ඊලඟට අජේගෙන් අහනවා “එහෙනම් ඇයි 28 වෙනිදා ඔයා ජ්‍යෝත්සනාර්ට කෝල් කරේ?” කියලා. ඒකට උත්තරේ විදියට අජේ කියන්නෙ එයාට ගෙදරින් මනමාලියක් බලලා තියෙනවා කියලා සහ ඒ දෙන්න බඳින්න යනවා කියන්න තමයි ඒ කෝල් එක ගත්තෙ කියලා. උදේ ගත්තම ජ්‍යෝත්සනා ඔෆිස් එකේ වැඩ එක්ක බිසී වෙලා ඉඳලා තියෙන නිසා තමයි ආයෙ හවස අජේ ජ්‍යෝත්සනාට කෝල් කරන්නෙ. ඒ කෝල් එකේදි ජ්‍යෝත්සනා කියලා තියෙනව අජේ ගත්ත ඒ තීරණේ ගැන එයාට සතුටුයි කියලා.

මේ වෙද්දි පොලිසිය ඉන්නෙත් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව. ඒ හන්දා තමයි පොලිසිය ඊලඟට චෙක් කරන්නෙ ජ්‍යෝත්සනාගෙ ෆෝන් එක කොහෙද තියෙන්නෙ කියලා. එතකොට පොලිසියට දැනගන්න පුලුවන් වෙනවා එයාගෙ ෆෝන් එක එක එක ලොකේශක් වලදි ඇක්ටිව් වෙලා තියෙනවා කියන එක. ඒ අනුව පොලිසිය නිගමනයකට එනවා ජ්‍යෝත්සනා ට්‍රැවල් කරන ගමන් ඉන්නවා වෙන්න පුලුවන් කියලා.

ඒත් ඇයි එහෙනම් එයා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැත්තෙ කියන ප්‍රශ්නෙ හැමෝටම මෙතනදි තියෙනවා.

පොලිසිය දිගටම ෆෝන් එක ගැන අවධානය දීගෙන ඉන්නවා. ඒත් පැය කීපෙකින් ෆෝන් එක ඔෆ් වෙනවා. ඒ අතරෙම පොලිසිය ප්‍රියාගෙනුත් ප්‍රශ්න කරනවා. එයා ගැනත් අවධානෙන් තමා පොලිසිය ඉන්නෙ.

ඊටපස්සෙ පොලිසිය ජ්‍යෝත්සනා වැඩ කරපු තැන්වල අයගෙනුත් අහනවා ජ්‍යෝත්සනාට සබඳතාවයක් තිබ්බ අය කවුරුහරි ගැන දන්නවද කියලා. ඒත් ඒ හැම තැනකින්ම පොලිසියට ලැබෙන්නෙ “එහෙම කෙනෙක් නම් නෑ” කියන උත්තරේ තමා. කොහොමහරි මේ අතරෙ පොලිසියට හොයාගන්න පුලුවන් වෙනව ජ්‍යෝත්සනා අතුරුදන් වෙච්ච දවසෙ රෑ එයාගෙ ෆෝන් එක ඇක්ටිව් වෙලා තියෙනවා කියල එකක්තරා හයි වේ එකක් ලඟ දි.

තමන්ගෙ ලඟ තියෙන සැක කාරයන්ගෙ ලිස්ට් එකෙන් බලනවා මේ හයි වේ එක ලඟදි ඒ සැක කාරයන්ගෙ ලිස්ට් එකේ ඉන්න කාගෙහරිගෙ ෆෝන් එකක් ඇක්ටිව් වෙලා තියෙනවද කියන එක. ඒක ගැන විමර්ශනය කරන පොලිසියට ඒකට උත්තරේ “ඔව්” කියලා දැනගන්න ලැබෙනවා.

ඒ වෙන කවුරුවත් නෙවෙයි අජේ. එහෙනම් ඇයි අජේ ඒක පොලිසියට හැංගුවෙ?

එදා 28 වෙනිදා අජෙත් ඒ හයි වේ එක ලඟදි ඉඳලා තියෙනව කියල දැනගන්න පොලිසිය අජේව පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා. මුලින් බොරු කිව්වට පස්සෙ මිනිහට ඇත්ත කියන්න වෙනවා.

ඒ අනුව අජේ කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්.

මුලින් කිව්ව වගේ අජේ සහ ජ්‍යෝත්සනා අතරෙ තිබිලා තියෙන්නෙ යාලු මිත්‍රකමක් නෙවෙයි ආදර සම්බන්ධයක්. ජ්‍යෝත්සනාගෙ කලින් විවාහෙ ගැන දැනගත්ත ගමන් අම්මලා ඕකට අකමැති වෙන බව දන්න හන්දම අජේ ජ්‍යෝත්සනාට කියනවා “අපේ අම්මලව ශේප් කරගන්නකම් ඔයා මෙ අෆෙයාර් එක ගැන කාටවත් කියන්න එපා. අම්මල පිටින් මෙක දැනගත්තොත් ශේප් කරගන්න කොහොමත් අමාරුයි. ඒ නිසා මම හරි වෙලාව ආවම කියනකම් ඔයා ඉන්න සද්ද නැතුව” කියලා. ඉතින් දෙවනි පාරට තමන්ට හොඳ කෙනෙක් ලැබිලා කියල හිතන ජ්‍යෝත්සනා ඒකට එකඟවෙලා කාටවත්ම මේ ගැන, කොටින්ම ප්‍රියාටවත් මේ ගැන කියන්නෙ නැතුව ඉන්නවා.

මේ දෙන්නගෙ ආදර සබඳතාවය සෑහෙන දුර දිග යනවා. කොහොමහරි මෙහෙම යද්දි අජේට ගෙදරින් මනමාලියෙක්ව බලනවා. මොකද අජේ මේ වෙද්දිත් ජ්‍යෝත්සනා ගැන ගෙදරට කියලා නැති නිසා. මෙතනදි ජ්‍යෝත්සනා ගැන විස්තරේ කිව්වට පස්සෙ අම්මලා අකමැති වෙනවා. මොකද අම්මලා බලලා තියෙන මනමාලි ගොඩක් ලොකු, සල්ලි තියෙන පවුලක ගෑණු ළමයෙක්. අජේ ඒ මනමාලිගෙ ෆොටෝ එක දැක්කට පස්සෙ එයාගෙ හිත වෙනස්වෙනවා. මොකද ඒ ගෑණූ ළමයා ජ්‍යෝත්සනාට වඩා ගොඩක් ලස්සනයි.

ඒ නිසාම හිත සහමුලින්ම වෙනස් කරගන්න අජේ මේ අලුත් මනමාලි එක්ක කතාකරන්න පටන් ගන්නවා. මේ නිසාම ජ්‍යෝත්සනා නිතර තමන්ට කෝල් දෙන එක අජේට වදයක් වෙනවා. මුලින් එක එක බොරු කියලා ජ්‍යෝත්සනාගෙ ඒ කෝල් එක කට් කරන්න අජේට පුලුවන් උනත් පස්සෙ ජ්‍යෝත්සනාට තේරෙනව අජේ තමන්ගෙන් මොකක් හරි දෙයක් හංගනවා කියලා. දිගටම අජේ තමන්ව මගාරිද්දි ජ්‍යෝත්සනා කරන්නෙ අජේගෙ හමුදාවෙ ඉන්න යාලුවෙක්ට කෝල් කරවා “අජේට මොකක් හරි ප්‍රශ්නයක්ද?” කියල අහන එක.

අන්න එතනදි තමයි අජේ තාමන්ගෙන් හංගපු හැමදෙයක්ම ගැනම ඇත්ත ජ්‍යෝත්සනාට දැනගන්න ලැබෙන්නෙ.

මේ බව දැනගත්තට පස්සෙ ජ්‍යෝත්සනාට හොඳටම තරහා යනවා. අජේට කෝල් කරාම “මම බිසී” කියලා කිව්වට යාලුවට කෝල් කරලා විස්තර ඇහුවම අජේ නිවාඩු දාලා ගෙදර ගිහින් කියලා දැනගත්තම ජ්‍යෝත්සනාට හොඳටම තරහා යනවා. තමන් ඇත්ත දන්නවා කියලා අජේට කෝල් කරලා බැන්නම අජේ එයාට කියන්නෙ “ඔව් ඒක ඇත්ත. ඒත් මම ඒ මනමාලිට කැමති නැ. ඒත් අපේ අම්මල ඔයාට කැමතිත් නෑ. මට ටික දවසක් දෙන්න. මම කොහොමහරි අම්මලව කැමති කරගන්නම්” කියලා.

ඒත් අජේ තමන්ට බොරු කියනවා කියලා හිතන ජ්‍යෝත්සනා අජේට කියනවා “ඔයා ආයෙ මට බොරු කරන්න හිතන්න එපා. මම එහෙම ලේසියෙන් මේක අතාරින්නෙ නෑ. මාව රැවැට්ටුවොත් මම පොලිසි යනවා” කියලා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here