මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි

0
10

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු රදවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසිය අවසර ලබාදී ඇත.
අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනකු සහ රෝහලේදී මියගිය උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයෙකු ඊයේ (24) රාත්‍රී තංගල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී සැකකරුවන් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඔවුන් ලබන 29 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රා්ත්වරයා නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් එක් ලොරි රථ හිමිකරුවකු සහ එහි රියදුරුද ලබන 29දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පෙරේදා දිනයේ අධිකරණය නියෝග කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here