මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු.
ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.
එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.
ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළේය. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
සම්පුර්ණ කතාව පහතින්
Saru FM Media