තෙලිකඩ පොලිස් වසමේ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලද දූරකථන පණිවිඩයකට අනුව තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී පුද්ගලයින් සිව්දෙනෙකු මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමේ දී එහි සිටි එක් පුද්ගලයෙකු කඩුවක් රැගෙන බීමතින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ දී සිය ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් එම පුද්ගලයාගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමක් සිදු කළ බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
මෙලෙස තුවාල ලැබුවේ 31 හැවිරිදි ගනේගම දකුණු – බද්දේගම පදිංචිකරුවෙක්.
සිද්ධියෙන් පොලිස් නිලධාරීන් ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
Saru FM Media