පොහොට්ටු මහ ලේකම්ගෙන් රනිල්ට අතුල් පහරක්

0
3


නාමල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමඟ එක් වී පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමට දරණ ලද ප්‍රයත්නයට පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් අතුල් පහරක් දී තිබේ.

පෙරේදා (14) නාමල් රාජපක්ෂ, මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට ගොස් සාකච්ඡා පැවැත්වීය. එහෙත් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙන්නේ “අපි පක්ෂයක් හැටියට සන්ධාන ගත වෙලා බලය පිහිටුවන්න එකඟ වන්නේ නෑ” යනුවෙනි.

රනිල් වික්‍රමසිංහ සමඟ කළ සාකච්ඡාව පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. එහෙත්, පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පොහොට්ටු පක්ෂයේ මූලස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂය වෙනුවෙන් නිල ප්‍රකාශයක් කර තිබීම විශේෂත්වයකි. ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් ගරු කරලා අවශ්‍ය දේ කරනවා මිසක් අපි පක්ෂයක් හැටියට සන්ධාන ගත වෙලා බලය පිහිටුවන්න එකඟ වෙන්නේ නෑ” යනුවෙනි.

රනිල් වික්‍රමසිංහගේ සාකච්ඡාවට නාමල් රාජපක්ෂ සහභාගී වුව ද, ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳව වැඩි දුරටත් සිතා බලා රනිල් වික්‍රමසිංහ වෙත පොහොට්ටු මහ ලේකම් හරහා අතුල් පහරක් එල්ල කර ඇති බව විචාරකයන් පෙන්වා දී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here