කොටහේනේ දැරියගේ දිවි නසා ගැනීම ගැන මවගේ සාක්ෂි සටහාන් කර ගැනේ

0
4


කොටහේන ප්‍රදේශයේ දැරියක් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණා. 

කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. 

එහිදී කොටහේන පොලිසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙහිදී මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයා වන කරුප්පයියා සදීස් කුමාර් මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම පළමුව සිදුවුණා. 

මිය ගිය දැරියගේ මවගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණේ ඉන් පසුවයි. 

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 

එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here