රට වටේට මුහුද – ආණ්ඩුව අතින් ලුණු ගිලිහුණේ කොහොමද?

0
4


අද දවල්ට උයන්න ලුණු හොයාගන්න පුළුවන් වුණාද?

අද වන විට ගෘහණියන් බහුතරයකගේ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ලුණු.  ඒ, වෙළඳපොලේ ලුණු හිඟයක් පිළිබඳ යළි කතා බහක් මතු වීමයි. බොහෝ වෙළඳසැල්වල අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැති බවට වාර්තා වන අතර අලෙවි කිරීමට ඇති ලුණුවල මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

රට වටේම මුහුද තිබියදී රටේ ලුණු හිඟයක් ඇති වුණේ කොහොම ද? ආණ්ඩුවට ලුණු හදාගන්න බැරි වුණේ ඇයි? මේ, ඊට ආණ්ඩුව වෙනුවෙන් උත්තර දුන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා.

Neth Sound · WATAGALA 03

කෙසේවෙතත් ජාතික නිදහස් පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ මෙවන් අදහසක්.

Neth Sound · WIMAL 01

වෙළඳපොලේ දත්තවලට අනුව කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර වනවා. වැඩි මිලට ලුණු අලෙවි කරන වෙළඳුන් පිළිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය ද සඳහන් කළේ. 

එහෙත් පාරිභෝගිකයින් මැසිවිලි නගන්නේ වැඩි මිලට හෝ මිලදී ගැනීමට ලුණු වෙළඳපොලේ නොමැති බවයි. 

ඉදිරි සතිය තුළ ආනයනික ලුණු තොග මෙරටට ලැබීමට නියමිත බවත් තවත් සතියක පමණ කාලයක් තුළදී ලුණු හිඟය මඟහැරී යනු ඇති බවත් ලුණු නිෂ්පාදකයින් පවසනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here