පොළොන්නරුවේ පොහොර වංචාවට ඇල්ලූ 12ක් රිමාන්ඩ්

0
5


ඇමෝනියා පොහොර, යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක සිදුකල වැටලීමකදීයි. 

එහිදී අදාළ වංචාවට අධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 53ත් අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565ක්, පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05ක් හා විවිධ ආයතනවල පොහොර හිස් කවර 13,585ක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here