කොලොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවයි.
එම බවුසර් රථය හැටන්, නුවරඑළිය, කිරිමැටිය මාර්ගයේදී පෙරලීමෙන් එහි තිබූ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වුණා.
ඒ සමග කාන්දු වෙමින් තිබූ ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් බූලිවලට රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Saru FM Media