කොටහේනේ දැරියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන මවගෙන් සාක්ෂි සටහන් කරගනියි

0
5


කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණා.

කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනුණා.

මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

ඉන් අනතුරුව මියගිය දැරියගේ මවගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here