ඔත්තුව මගියකුගෙන්: – බීමත් ලංගම රියැදුරු කදපොළ දී අත්අඩංගුවට

0
9

බීමත්ව මගීන් සමග ලංගම බස් රථයක් ධාවනය කළ රියැදුරකු කදපොළ පොලිසිය විසින් ඊයේ (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.නුවරඑලියේ සිට උඩුපුස්සැල්ලාව දක්වා මගීන් රැගෙන ධාවනය කළ ලංගම බස් රථයේ රියැදුරු බීමත්ව රිය ධාවනය කරවන බවට එම බස් රථයේ ගමන් ගත් මගියකු විසින් 119 පොලිසි හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත කදපොළ පොලිසිය මගින් එම බස් රථය කදපොළ ප්‍රදේශයේ දී නතර කර රියැදුරු පරීක්ෂා කිරීමේ දී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව කදපොළ පොලිසිය මගින් රියැදුරු අත්අඩංගුවට ගෙන බස් රථය පොලිස් භාරයට ගෙන තිබුණි. පොලිස් භාරයට ගත් බස් රථය නුවරඑලිය ලංගම ඩිපෝව වෙත වෙනත් රියැදුරකු යොදා ගෙන ගොස් භාර දී ඇත. සැකකාර රියැදුරු ද පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඔහුට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කදපොළ පොලිසියේ නිලධාරියෙක් කීවේය.

සැකකාර රියැදුරු මීට ප්‍රථම ද බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයේ වැරදිකරුවකු වී අති බවත්, ඊට අමතරව නුවරඑලිය ඩිපෝව මගින් ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නුවරඑලියේ ඩිපොවේ නිලධාරියෙක් කියා සිටියේය.
නුවරඑලිය නාලක රත්නායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here