කෝටි 6ක ෆෝන්-ටැබ් හොරෙන් ගෙනා කොළඹ ගුවන් මගීහු තිදෙනා මාට්ටු

0
6

දෙදෙනෙක් කාන්තාවෝ
දුරකථන 559යි ටැබ් 80යි

රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනකු ඒවා ද සමග ඊයේ (24 දා) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුහු තිදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් අතර 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මොවුන් ඊයේ (24 දා) අලුයම 04.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අති නවීනතම ජංගම දුරකථන 559ක් සහ ටැබ් පරිගණක 80ක් සඟවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.
කටුනායක ටී.කේ.ජී.කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here