ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් දැනට මෙරට නීතියක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු අවදානම් සහගත ආයෝජනයක් බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා දැනට ක්‍රිප්ටෝ මුදල්වල මුදල් බැර කළ අය ඒ සඳහා ගෙවීම් කිරීම සඳහා බැංකු ක්‍රමය භාවිත නොකළ බවට තමාට සහතික විය නොහැකි බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (24දා) මහ බැංකුවේ මාධ්‍ය හමුවේදී හෙතෙම කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media