සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක්

0
6


සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා. 

ඔවුන්ගේ සාකච්ඡාවට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් දුරකථනයෙන් සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්. 

සිරියාවට එරෙහිව අමෙරිකාවේ සම්බාධක ඉවත් කිරීමට තමාට ඒත්තු ගැන්වූයේ මෙම නායකයින් දෙදෙනා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තම පරිපාලනය දැන් සිරියාව සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීමේ හැකියාව පිළිබඳ ගවේෂණය කරමින් සිටින බවයි. 

මේ අතරතුර කටාර් රාජකීය පවුල විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා සුඛෝපභෝගී බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දීමට සැලසුම් කර ඇති බවට ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here