Wednesday, May 14, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30 ගානෙ නොදුන් නිසා මං ඇතුළේ – හරක්...

ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30 ගානෙ නොදුන් නිසා මං ඇතුළේ – හරක් කටා මාධ්‍යයට කියයි

0
6


harak-kata-tiran-deshabandu

 අත්අඩංගුවේ සිටින පාතාල නායකයකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ උසාවියේ සිට පිටතට පැමිණෙමින් සිටියදී පළමු වතාවට මාධ්‍ය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
ඔහු කියා සිටියේ තමා බන්ධනාගාරය ඇතුළේ රඳවා තබන්නට හේතුවූයේ හිටපු ඇමති ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තමා කෝටි 30 බැගින් ලබා නොදුන් නිසා බවයි.

මෙම කතාව මාධ්‍යයෙහි පළකරන ලෙසද ඉල්ලමින් තත්පර කිහිපයක් වූ ප්‍රකාශය නිකුත් කර හරක් කටා බන්ධනාගාරයෙන් පිටතට ගියේය
හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු  වන අතර  කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ ඔහුට අදාළ නඩුවක් කැඳවූ අවස්ථාවේ ඔහු මෙම ප්‍රකාශය කළේය.
විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත්


ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බවත් සඳහන් කර තිබූ අතර
අද අධිකරණයේදී ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කරන ලදි.
විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බවද සඳහන් කළේය.
ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන් අතර. අනතුරුව නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම විය.
අධිකරණයෙන් පිටතට යද්දී හරක් කටා කළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ.




Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here