ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක්

0
14

පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව එම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි  ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50යි දශම 8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩආරම්භ කිරීම සිදුකර තිබේ.

ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 06ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here