තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ගගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා.Sri Lanka Latest News
ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ, සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවයි.
අදාළ පහරදීමේ සිදුවීමෙන් පසුව සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය මීට ඉහත සඳහන් කළේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ, පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිණිය වූ හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් ද යොදවා තිබුණා. කෙසේ නමුත් ඇය අද අධිකරණයට භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
Saru FM Media