ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් වාර්ෂික ව පැවැත්වීමට සංවිධානය කර ඇති වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා සඳහා වන ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම සහ මාධ්‍ය හමුව 2025 මැයි 07 වැනි දින ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. Sri Lanka Latest News
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, මෙරට වෘත්තීය ඉංජිනේරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය, ලෙස තම සාමාජිකයන් වෙනුවෙන් උසස් නිපුණතාවයෙන් සහ
අවංකභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටුකරමින්, රටේ සහ වෘත්තියේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කල යාවත්කාලින ඉංජිනේරුවන් හඳුනාගැනීමට මෙම සම්මානය හරහා උත්සහ දැරයි. ඈත අතීතයේ සිට ඉංජිනේරු විද්යාව අපගේ ජීවිතයේ අනිවාර්ය අංගයකව පැවතුනි.
කාර්මික විප්ලවයන් හරහා ඉංජිනේරු විද්‍යාව අපව වඩා වේගවත් මාවතකට ගෙන ගොස් ඇත. ඉතිහාසය පුරාවටම ඉංජිනේරු යෝධයන් විසින් කරන ලද නව නිපැයුම් සහ නවෝත්පාදන ශිෂ්ටාචාරයේ ගමන් මග වෙනස් කර ඇත.
ප්‍රෞඪ ඉංජිනේරු ඉතිහාසයක් සහ උරුමයක් ඇති ශ්‍රී ලංකාවේ, සමාජයේ අවශ්‍යතා නඟා සිටුවීමට, සම්පත් පිරිමැසීමට සහ එමගින් රටට සමස්ත ප්‍රතිලාභයක් ලබා දීමට තම විශේෂඥ ක්ෂේත්‍රවලට දායක වූ සමකාලීන ඉංජිනේරු දක්ෂයින් හඳුනාගෙන ගෞරවයට පාත්‍ර කර ඇත.
එවැනි ඉංජිනේරුවන්ගේ වැදගත්කම හඳුනාගෙන ෂෑීඛ විසින් විශිෂ්ටතම ඉංජිනේරුවරයා ඳහා වන ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් සම්මානය නමින් සම්මානයක් හඳුන්වා දී ඇත. මෙහිද ආකර්ෂණීය ත්‍යාග මුදලක් සමඟින් පදක්කමක් වාර්ෂිකව පිරිනැමෙයි.
යෝජිත සම්මානය මගින් “ආදර්ශමත් කැපවීමක්” ඇති, නවෝත්පාදන, සම්පත්දායකත්වය, යහපාලනය, සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසරය සඳහා වූ කැපවීම
වැනි ගුණාංග සහ තිරසාර බව, සෑම විටම යහපත් ආචාර ධර්ම භාවිතයන් පිළිපදින ප්‍රායෝගිකත්වය තුළින් ශ්‍රී ලංකාවට දායක වූ විශිෂ්ට ඉංජිනේරුවරයෙකු ඇගයීමට ලක්කෙරේ. ඉංජිනේරු (ආචාර්ය) ඒ සී විශ්වලිංගම් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයහි ගෞරවනීය යවජීව සාමාජිකයෙකු වන අතර, ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වූ ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරුවෙකු වේ. දූරදර්ශී එතුමා විසින්, ඉංජිනේරුවන්ගේ වෘත්තීය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන මෙවැනි සම්මානයක් ලබා දීමට උත්සුක විය.
සම්මාන සඳහා වන අයදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනයෙ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන්, නැතහොත් ඔවුන්ගේ අඅඅගසැිකගකන වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. අයදුම්පත් භාරගැනීම මැයි 31 වැනිදායින් අවසන් වේ.




ප්‍රියන්ත හෙට්ටිගේ
Saru FM Media