හයේෂිකාගේ චණ්ඩිකම්වලට එරෙහිව ගම්වාසීන් මීගමුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවක (වීඩියෝ)

0
5


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති (පෞද්ගලික) ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියට එරෙහිව මේ වනවිට (14) උද්ඝෝෂණයක් ආරම්භ වී තිබෙනවා.

ඒ මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටයි.

දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය වාර්තා කරන පරිදි මේ වනවිට සැඟව සිටින හයේෂිකා ප්‍රනාන්දු සැකකාරිණිය ව අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමින් කිඹුලපිටිය – ගල්මංකඩ ප්‍රදේශවාසීන් විසින් මෙම නිහඬ විරෝධතාව සිදු කරනු ලබනවා.

පසුගිය සතියේ අදාළ උපකාරක පන්ති ගුරුවරිය විසින් ඇයගේ උපකාරක පන්ති පැවැත්වෙන ආයතනයේ සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් බිම දමා කුරිරු අන්දමින් පහර දී ඇති බවටයි වාර්තා වූයේ.

පසුව එම තරුණයා අසාධ්‍යය තත්ත්වයට පත් ව මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

එම සිදුවීමෙන් පසුව හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතනයේ කළමනාකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් අද පෙරවරුවේ බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here