වලපනේදීත් බස් රථයක් අනතුරට

0
5


වලපනේ, මහඌව වංගුවේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. 

පොලීසිය පැවසුවේ මඩකලපුව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට සැදැහැවතුන් පිරිසක් රැගෙන ආ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 34 දෙනෙකු බස් රථයේ රැඳී සිට තිබෙනවා. 

බස් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිදැයි සොයා බැලීම සඳහා ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවයි පොලීසිය පැවසුවේ. 

කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට අනාවරණය වී තිබෙනවා. 

අනතුරට ලක් වූ බස් රථය ද ධාවනයට සුදුසු මට්ටමේ පවතින්නේ දැයි පරීක්ෂා කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here