විදේශීය රටක නිෂ්දිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (13) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු බවයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාත්තන්ඩිය – අශෝකපුර පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
සැකකරුට ස්ථීර රැකියාවක් නොමැති බවත්, ඔහු කුලී පදනම මත විවිධ කටයුතුවල නිරත වී ජීවිකාව කරගෙන ගිය අයෙකු බව ද පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයට පත්ව ඇති සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Saru FM Media