පළමු සහ 06 ශ්‍රේණි සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීම අරඹයි

0
6

මොඩියුලර් සඳහා 2026 වර්ෂයේ 1 සහ 6 ශ්‍රේණියේ පාසල් ගුරු පුහුණු වැඩසටහන් නොවැම්බර් මස අග දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ ව සිදුකරන ලද සාකච්ඡාවක් අතරතුර දීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරිමේ TOT (Trainer of Trainer) වැඩසටහන  80%ක් පමණ අවසන් කර ඇති බවත් ඉතිරි පිරිස් මේ වන විට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුව ලබමින් සිටින බවත් ය.

සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මෙම පුහුණු කණ්ඩායම් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව බිහි කිරීම මෙම වැඩසටහන මගින් කරන බව ද හෙතෙම පැවසී ය.

මෙලෙස පුහුණුව ලැබූ පුහුණුකරුවන් විසින් කලාප මට්ටමින් සහ කොට්ඨාස මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ‍ඉදිරියේ දී නොවැම්බර් මස වන විට අවසන් කිරීමට නියමිත අතර, පළමු ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී වැඩි දුරටත් පැවසී ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here