වෙන්නප්පුව මුහුදේ දිය නෑ තිදෙනෙකු අතුරුදන් – එක් අයෙකු මරුට

0
4


වෙන්නප්පුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දිය පහරට ගසා ගෙන ගොස් අතුරුදන් ව තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ, දිය රළට හසුව ගසාගෙන ගිය එක් අයෙකු බේරාගෙන මාරවිල රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි.

සෙසු තරුණයින් තිදෙනාගේ සිරුරු මෙතෙක් සොයාගෙන නැහැ.

අද (13) පස්වරුවේ මෙම තරුණයින් පිරිස බගවන්තලාව ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරට ලක් ව ඇත්තේ වයස අවුරුදු 17 – 21 අතර වයස් සීමාවල පසුවන්නන් බවත් පොලිසිය පවසනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here