රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ මේ බව සඳහන් කර තිබුණි.
ඒ අනුව එබඳු ගැටලුවලට මුහුණදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECl] වෙත දැනුම්දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
Saru News










