ගැරඬිඇල්ලේ බස් රථ අනතුර ගැන සොයන්න පංච පුද්ගල විමර්ශන කමිටුවක්

0
5


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.   

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදියි. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කමිටුව පත්කර තිබෙනවා. 

එම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද ඇතුළත් බවයි පොලීසිය පැවසුවේ.

එම කමිටුව මගින් අදාළ බස් රථ අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩ කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිතයි. 

ඉදිරියේදී එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.
 

පසුගිය 11 වන දින අළුයම් කාලයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 22 දෙදෙනෙකුට දිවි අහිමි වුණා. 

තවත් පිරිසක් තුවාල ලබා මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here