ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්

0
6

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා අතර හමුව නිව්යෝර්ක් නුවරදී එ.ජ. වේලාවෙන් ඊයේ (23දා) පස්වරුවේ පැවැත්විණ.

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.අනතුරුව දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතරල එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතුල විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here